මම අද කියන්න යන්නෙ ටිකක් අමුතු නමක් තියෙන රෙස්ටුවරන්ට් එකක් ගැන..ඒකෙ නම එපික් බුෆේ..එපික් කියන වචනෙට විවිධ තේරුම් තිබුනත් මෙතන අදහස මට හිතෙන විදියට 'මාර බුෆේ' කියන එක..ලංකාව්දි අපි Buffet කියන එක බුෆේ කියල කියෙව්වට මෙහෙදි කියන්නෙ බෆේ කියල..මේ එපික් බුෆේ එක තියෙන්නෙ ඇමෙරිකාවෙ වෙස්ට් වර්ජිනියා ප්‍රන්තයෙ..මේකෙ විශේශත්වයක් වෙන්නෙ මේ බුෆේ එක තියෙන්නෙ කැසිනෝ එකක් ඇතුලෙ වීම..මේක තියෙන්නෙ හොල්වුඩ් කැසිනො එක ඇතුලෙ..මම කැසිනෝ එකකට ගිය පළවෙනි පාර මේක.. කලින් ලාස් වේගස් එයාර් පොර්ට් එකේ පොඩි සූදුවක් කෙලියාට..මේ වගේ ලොකු එකකට ගියාමයි..ඩොලර් සතයෙ ඉඳන් ලොකු ලොකු ගනන් වලට ඔට්ටු අල්ලන්න්න පුලුවන්.. මමනම් හැබැයි ඩොලර් 5ක් විතර පරාදයි...ඒක වෙනම කතාවක්..පොඩි පොඩි දිනුම් ලැබුනම වැඩි ගනන් වලට ඔට්ටු අල්ලන්න නිකම්ම හිතෙනව..අපිත් එක්ක ගිය රොබින් අය්යටනම් ඩොලර් සත5ක් ඔට්ටු ඇල්ලුවම ඩොලර් 35ක් දින්න..ඒකට වාසනාව තියෙන්න ඕනෙ.. ඉතින් මේ කසිනෝ එක ඇතුලෙ අස්ස රේස් එහෙමත් තියෙනව..
මත්පැන්, දුම්වැටි වලින් ඉතින් අඩුවක් නැහැ..කවුරුහරි දුම්වැටි බොන්නෙ නැත්නම් එආයට වෙනම කලාපයක් තියෙනව..ස්මෝක් ෆ්‍රී ඒරියා එකක්..තව අපි වගේ අයට ඕනෙ තරම් ස්ප්‍රයිට්,කොකා කෝලා ෆ්‍රී බොන්න පුලුවන්..
එපික් බුෆේ එකත් ඉතින් බුෆේ එකක්..ඒකෙ මාර මාර රහ කෑම ගොඩාක් තියෙනවා..ඕනෙ තරම් කන්න පුලුවන් එක පාරක් සල්ලි ගෙව්වම..බඩ පැලෙනකන් කන්න පුලුවන්..ඒත් ඉතින් බඩ ඉලාස්ටික් නෙමේනෙ..හිහ් හිහ්..
හෙහෙහ් අනේ ඉතිං අපිට කොයිද ඔව්වා. මෙව්වා බලා සැනසෙනවා මිසක්! :D
ReplyDeleteසිරාවට..අපේ කැසිනෝ ඉතින් ස්පෝර්ටින් ස්ටාර් තමයි!
ReplyDeleteහික් හික් හොඳා හොඳා
ReplyDelete