පංචිකාවත්ත කිව්වම කාටත් මතක් වෙන්නෙ වාහන අමතරකොටස්නෙ..බ්‍රෝකර්ල එහෙමත් නැත්නම් කාක්කො වැහිවැහැලනෙ..දන්නැති කෙනෙක් ගියොත් එහෙම නියමෙට අන්දනවනෙ..මම ළඟදි ගියා මෙහෙ තියෙනෙ පංචිකාවත්තකට..මෙහෙ ඒවට කියන්නෙ Junk Yard (ජන්ක් යාර්ඩ්) කියල..පාවිච්චි කරපු වාහන අමතර කොටස් තියෙන තැනක්..ඒවල කාක්කො එහෙම නැහැ..ඇතුලට යනකොට ටිcකෙට් එකක් අරන් යන්න ඕනෙ..ඒවගේම තමයි..සාම්පල්, එහෙම නැත්නම් අපිට ඕනෙ පාර්ට් එක අඇතුලට අරන් යන්න වෙන්නෙ නැහැ..හිතන්නකො ඔයාගෙ වාහනේට පාවිච්චි කරපු දොරක් ගන්න ගියා කියල..එකෙ සියිස් එක හරිද බලන්න ඒක Junk Yard එක ඇතුලට අරන් යන්න දෙන්නෙ නැහැ..ඇතුලෙ එක එක වාහන මොඩ්ල් එකට අයත් ඒව වෙන වෙනම නවත්වල තියෙනව..අපි ආයුධ (Tool Kit) අරන් ගිහින් ඒව ගලවගෙන අරන් එන්න ඕනෙ..නිකන් නෙමේ..ඒවට මිලක් තියෙනව..ගේට් එකෙදි ඒවට සල්ලි ගෙවන්න ගෙවන්න ඕනෙ..ඔක්කොම කම්පියුටර් එකකට ෆීඩ් කරල තියෙන්නෙ..එතකොට තමන්ට අවශ්‍ය පාර්ට් එක තියෙනවද කියල යන්න කලින් චෙක් කරන්නන්ත් පුලුවන්..මාරයි නේද?

අපි ගියෙ ස්ටාර්ටර් මෝටර් එකක් හොයන් එන්න..ඒකක් හම්බුනා..අලුතෙන් ගන්නවට වඩා 70%ක් විතර ලාබයි වැඩේ..හැබැයි ඉතින් පාවිච්චි කරපු ඒව..වාහන වලින්ම පාර්ට් එක ගලවගෙන් එන්න තමයි තියෙන්නෙ..ඒක නිසා හැමෝටම ඕක කරන්න බැහැ..මෙහෙ පොඩි දේකට උනත් වාහන repair එකකට $100 විතර තමයි බිල පටන් ගන්නෙ..ඒක නිසා පොඩි පොඩි වැඩ ඔය විදියට ..ගොඩ දාගන්න සමහරු බලනව..
මෙහෙත් ෆීඩ් කරලා තමා තියෙන්නෙ. හැබැයි කාක්කන්ගේ ඔලු වල :D
ReplyDeleteමෙහෙත් ඕන කාක්කෙක් තියන ඒවායි, තියන තැනයි, ගානයි, පාටයි, ඇනේ සයිස් එකයි ඔක්කොම දන්නව
ReplyDeleteහපොයි මෙහේ ඊට වඩා ඇඩ්වාන්ස් , මෙහේ කාක්කො වාහන පාට් එක මල්ලක දාලා අරං යනකොට ම කියනවා ඇතුලෙ තියෙන්නෙ මොකද්ද , මොකද්ද මොඩ්ල් එක කොහෙද අලුත් බඩු තියෙන්නෙ ගාන කීයද ඔක්කොම .......
ReplyDeleteකොම්පීටර් ඕනි නෑ ඕවාට..........
This comment has been removed by the author.
ReplyDeleteඉහල කොමෙන්ටු ඔක්කොම හරි නොවැ ආයිබොවන්...
ReplyDeleteබලාගෙන යනකොට අපි යැංකියන්ට ඉහලින් නොවැ
ඔව් ඒකනම් ඇත්ත තමයි..:)
ReplyDelete