නිකන් ඉන්න බැරි කමට....

Thursday, September 8, 2011

ගුවන් සූදුව...

මං මේ කියන්න යන්නෙ සුදූ කෙනෙක් ගැන නම් නෙමෙයි..සූදුවක් ගැන..සූදු කිව්වට මේක එසේ මෙසේ සූදුවක් නෙමේ...මේක කැලේකවත්..එහෙමත් නැත්නම් හොරෙන් කරන දෙයක්වත් නෙමේ..මේක කරන්නෙ ප්‍රසිද්ධ ස්ථානයක..සූදුව කරන්නෙ ගුවන් තොටුපොළක කිව්වොත්...මං ටෙක්සාස් වල ඉඳල වර්ජිනියා වලට අගෝස්තු මුල සතියෙ සංක්‍රමනය වුනා..සංක්‍රමනය කිව්වට මට ඉතින් ඒ හැටි දෙයක් තිබුනෙ නැහැ අරගෙන යන්න..ඇඳුම් ටිකයි පොත් පත් ටිකයි විතරයි..මගෙ මාස්ටර්ස් එක ටෙක්සාස් වල ඉවර කරල වැඩිදුර ඉගෙන ගන්න වර්ජිනියා වල කැම්පස් එකකට යන්න ඕනෙ වුනා..

කැම්පස් එකක් හොයාගන්නනම් පුදුම ගේමක් තමයි දුන්නෙ...ගොඩාක් කැම්පස් වලින් මාව ගන්න කැමති වුනාට මට පාට් ටයිම් ජොබ් එකක් එක්ක දුන්නෙ මේ කැම්පස් එක විතරයි..මෙහෙ ජොබ් එකක් නැතුව ඉගෙන ගන්න තරම් අපේ තාත්ත ලංකාවෙ ඇමති කෙනෙක්වත් මංත්‍රී කෙනෙක්වත් නෙමේනෙ..ඒක නිසා පාට් ටයිම් ජොබක් සෙට් කරගන්න අනිවා ඕනෙ..එන්ගලන්තෙ ඕස්ට්‍රේලියා වගේ රටවල් වල නම් මගෙ යාලුවො ක්ලීනින් වැඩ, කුණු අදින වැඩ වගේ ඒව කරගෙන කට්ට කාගෙන ඉගෙන ගන්නව..ඒත් ඇමරිකාවෙ ස්ටුඩන්ට් වීසා වලින් ඒවගේ වැඩ කරන්න බැහැ..අපි ඉගෙන ගන්න දේට සම්බන්ධ දෙයක්..සතියකට පැය 20ක උපරිමයකට තමයි කරන්න පුලුවන්..කැම්පස් වලින්..ප්‍රොෆෙසර්ලට උදව්වට පේපර් බලන්න, ටියුට් උගන්නන්න එහෙමත් නැත්නම් අන්ඩග්‍රැඩ් ක්ලාස් එකක් උගන්නන්න වගේ ඒව සෙට් කරල දෙනව..ඒවලින් හම්බෙන ගානෙන් බෝඩිමටත් ගෙවල, යාන්තම් කාල බීල.. අවුරුදු දෙකක් විතර ඉතිරි කරල ලංකාවට ගිහින් එන්න ටිකට් එක ගන්න ඩොලර් 2000ක් විතර ඉතිරි කරගන්න පුලුවන්..


කොහොම හරි මට ටෙක්සාස් වල ඉඳන් වර්ජිනියා වලට යන්න ලාබම සහ ඉක්මන්ම ක්‍රමේ උනේ ප්ලේන් එකේ යන එක..යනකොට ලාස් වේගාස් වලින් බැහැල වෙනත් ප්ලේන් එකකට මාරු වෙන්න තිබුනා..ලාස් වේගාස් වලින් බැහැල අනිත් ප්ලේන් එක එන පැත්තට යනකොට මම දැක්ක සූදු පොළක්..ඔව් ඔව්..එයාර් පෝට් එක ඇතුලෙ..කට්ටිය ඒ මැශින් ළඟට වෙලා සූදු කෙලිනවා..සූදුව ලාස් වේගාස් වල නීති ගත කරල තියෙන්නෙ..එහෙ ලාස් වේගාස් වල සූදු විතරක් නෙමේ..ඕනෙම දෙයක් තියෙනව..මං කියන දේ තෙරෙනවනේ..එහෙට කියන්නෙ...පව් කාරයන්ගේ නගරය කියල..ලාස් වේගස් වලට ගිහින් තමන් කරල එන දේවල්..ගිහින් ඇවිත් කාත් එක්කවත් කියන්නෙ නැහැ..ඒ මතකයන් වේගාස් වලම තියල එනව කියලයි කියන්නෙ..ඉතින් ලාස් වේගාස් වල සූදු පොළවල් තියෙන නිසා තමයි එයාර් පෝට් එකෙත් ඒවට ඉඩ සලසලා තියෙන්නෙ..

සමහර වෙලාවට මං වගේ එතනින් ප්ලේන් වලින් මාරු වෙන අයට සූඩු කරන්න වෙන්නත් ඇති ඕව දාල තියෙන්න..මමත් ඉතින් පොඩ්ඩක් කැරකිලා බලල ආසාවටත් එක්ක අඩුම ගානක් දාන්න පුලුවන් මැශිමක් ලඟින් වාඩිවුනා..මට තේරුනේ නැහැ ඒක කරන්න..මම ඉතින් ඒක බලාගන්න එක්කෙනාගෙන් අහල වැඩේ පටන් ගත්ත..ඩොලර් එකක් තමයි දැම්මෙ..පලවෙනි පාර මම දිනුම්..දාපු ගානම ආපහු දින්න..දැන් ඉතින් ආසාව හරි..නැගිටල යන්නත් හදල..ආයෙ ඔහෙ ඕන එකක් කියල ආයෙ ඔට්ටු ඇල්ලුව..මේපාර පරාදයි..දුක තමයි රංජනී කියල නැගිටලා ගියා මගෙ ප්ලේන් එක එන ටර්මිනල් එක පැත්තට..තන්හාය ජායතී සෝකෝ කියන්නෙ කට කහනවට නෙමේනෙ..

Share/Bookmark

4 comments:

  1. මරු නේ මෙහෙ නෑනෙව ඒ වගේ ටවුමක් සික්....

    ReplyDelete
  2. මම දවසක් ටීවි එකේ ගිය වැඩසටහනකින් බැලුවා. ඒකේ ලාස් වේගාස් ගැන විස්තර ගොඩක් කිව්වා. ඔය නිවාඩුවක් ලැබුණු වෙලාවක යාළුවොත් එක්ක සෙට් වෙලා ඒ පැත්තේ ගියානම් හරිනේ ;)

    ReplyDelete
  3. cool...Oceans 11, 12 13 series balala thiyenewada..las vegasa wala casino kadaana hati thamai thiyenne

    ReplyDelete
  4. මම එක බලලනම් නැහැ..මේ පැත්තට ආවට කට්ටියටම ස්තුතියි..

    ReplyDelete