නිකන් ඉන්න බැරි කමට....

Saturday, June 18, 2011

රුපියල් 1000



මම ඉන්නෙ ඇමරිකනු මෙක්සිකන් දේශසීමාවට ඉතා ආසන්න ඇමෙරිකානු නගරයක..මගේ ලංකාවෙ යලුවෙක්ගෙ පාස්පොර්ට් එක වතුරට වැටිල තෙමුනු නිසා..ඒකෙ පොඩි වැඩකට අපි දෙන්න ඊයෙ හවස ගියා ඇමරිකාවට මෙක්සිකොවෙන් එන දොරටුවකට..අපිට පයින් යන දුර..සිංහලෙන් කියනවනම් ඉමිග්‍රේෂන් ඔෆිස් එකට..
දවසකට දස දහස් ගනන් මෙක්සිකන් ජනතාව මෙම දොරටුව හරහා යනව..ඉගෙන ගන්න...වැඩ කරන්න..බෙහෙත් ගන්න..යනාදී වශයෙන්..ඇමෙරිකාවට මත් කුඩු එන්නෙ මෙක්සිකෝවෙන් නිසා...දොරටුවේදී සෑම මගියෙක්ම, වාහනයක්ම පරීක්ෂා කරනව...අපි ගියෙ අයි94 කියන පත්‍රිකාව අලුත් වැඩියා කරගන්න..එතනදි අපිට පෝළිමේ ඉන්න උනා පැය 3ක් විතර...මගේ මිත්‍රයා මගෙන් ඩොලර් 10ක් ඉල්ල ගත්ත හදිසියෙවත් ගාස්තු වශයෙන් ගෙවන්න උනොත් කියල..එතනදි අපි ගාව හිටිය මෙක්සිකන් කිහිපදෙනෙක් මගෙන් ඇහුව, අපේ රටේ සල්ලි නැද්ද බලන්න කියල...අපි ගාව තිබ්බෙ මොනර කොලයක් විතරයි..ඒකෙ වටිනකම කීය ඇහුව..මම කිව්ව ඩොලර් 10ක් විතර කියල..

ඩොලර් 10ක් දෙන්නම් දෙනව..
බැහැ..

ඩොලර් 50ක්..?
බැහැ..

ඩොලර් 100ක්?
ම්ම්..සලකා බලන්නම්..

ඒගොල්ලො මොනර කොලේට කැමතියි වගේ..එකෙ තියෙන අර දිලිසෙන පටිය ගැන එහෙම ඒගොල්ල කතා වෙනව..ඉමිග්‍රේෂන් ඔෆිස් එකෙන් එලියට ගියාම ගන්නම් කිව්ව..ඒක මිළට ගන්නම් කිව්ව මෙක්සිකන් පුද්ගලයා කව්බෝයි තොප්පියක් දාගෙන කිඹුල් හමකින් හදපු බූට්ස් දෙකක් දාගෙන හිටපු නිසා අපි ටිකක් බය උනා..අපි පෝළිමේ ඉස්සරහ හිටපු නිසා ඒගොල්ල එන්න කලින් වැඩේ ඉවර උන ගමන් ශේප් එකෙ මාරු උනා..



මෙක්සිකොවේ අපට ආසන්නම නගරය ලොකේ මාරන්තිකම නගරයයි..එහෙ මත් කුඩු ජාවරම්කාර දෙපිරිසක් අතර යුද්ධයක් තියෙනව...එක නිසා දවසකට කිහිපදෙනෙක් වෙඩිතියල මැරෙනව...ඔය වගේ හේතු නිසා එහෙ ඉන්න මිනිස්සු ගැන ටිකක් බයයි..කොහොම උනත් මම දෙපාරක්ම මෙක්සිකොවට ගියා..ඒ කතාව පස්සෙ ලියන්නම්..
කොහොම හරි මම කියන්න ගියෙ..ලංකාවෙ රුපියල් 1000 නෝට්ටුවට රුපියල් ඩොලර් 100ක ඉල්ලුමක් තිබුනා..සෙල්ලම් නෑනේද?

Share/Bookmark

10 comments:

  1. ඒ හරියෙ තව ලස්සන චායාරූප ටිකක් එහෙම වෑටුනා නම් නියමයි

    ReplyDelete
  2. La jolla ?ලා හොයා නේද ?

    ReplyDelete
  3. කස්ටෝ ටිකක් ලෑස්ති කර ගම්මු..මෙහෙන් 1000 කොල ඇරලා 100$ ඒවා ගෙන්නන්ට...
    යකෝ අර විනිමය අනුපාත හදන පොල් බූරුවෝ කවුද..:D

    ReplyDelete
  4. සිරාවට මචෝ! බැරිද පොඩි බිස්නස් එකක් පටන් ගන්න හැබෑවට?

    ReplyDelete
  5. අයියෝ අපරාදෙ අප්පා, කිව්වත් වගේ එවන්නද මොණර කොළදෙක තුනක් කවුබෝයි අයියට දෙන්න ??

    ReplyDelete
  6. අපරාදේ! අන්න කරනවනම් බිස්නස්!

    ReplyDelete
  7. @NUWAN'slane: මේක කාන්තාර ප්‍රදෙශයක් නිසා එච්චර ගස් නැහැ..ගංගා දිය ඇලි මොකුත් නැහැ..තියෙන්නෙ වැලි කඳු විතරයි..වෙලාවක දාන්නම්කො..

    ReplyDelete
  8. @nihalw: මම ඉන්නෙ එල්පාසෝ වල..Juarez (හුවාරස්) තමයි මට ළඟම මෙක්සිකන් නගරය..:D

    ReplyDelete
  9. මාරයාගේ හෝරාව,Sabith හරී,පූසා: අදහස නම් හොඳයි..අපිව හිරේ දායිද දන්නෙ නැහැ නේද මූල්‍ය වන්චාවක් කලා කියල..නැත්නම් මටත් පත්තරේ ඇඩ් එකක් දාන්න තිබුනා රුපියල් 1000ට මාසෙකින් 5000ක් දෙනව කියල..හෙන ගානක් හම්බකරගන්න තිබුන...ලොල්

    ReplyDelete
  10. අම්පට හුඩු.. පට්ට සීන් එකනේ ඕයි..

    ReplyDelete