නිකන් ඉන්න බැරි කමට....

Saturday, April 30, 2011

අලිගැටපේර සැන්ඩ්විච්...


කාලෙකින් මොකුත් ලියන්න බැරිඋනා..ඒක හින්දමත් නෙමේ අද ලියන්නෙ...ඊයෙ ටිකක් අමුතු ජාතියෙ කෑමක් සෙට් උනා..ඉතින් ඒක ගැන ලියන්න හිතුනා...මෙහෙ තියනව Chili's කියල restaurant ජාලයක්..ඒකට මුලින්ම ගියෙ ඊයෙ..ගොඩාක් බඩගිනි වෙලාවක ගියෙ..ඕඩර් කරල පැය බාගයක් විතර ගියා මේසෙ උඩට එන්න..මංනම් Chillige ගෙදර කට්ටිය මතක් කරකර හිටියෙ..ඒත් මෙහෙ උන්ට නම ඒක හුරුයි වගේ..අයිස්ඩ්ටී එකක් බිබී විකාර දෙවල් කියව කියව හිටිය...ජාති ගොඩාක් තිබුනට මෙනු එකේ..මොනව ඕඩර් කරන්නද කියල හිතාගන්න බැරුව හිටියෙ..පින්තූරෙ ලස්සන නිසාත්, නම ටිකක් අමුතු නිසාත් ඕඩර් කලා කැලිෆෝනියා ක්ලබ් සැන්ඩ්විච් එකක්..ටික වෙලාවකින් ඔන්න බඩු ආව..ටෝස්ට් කරපු පාන් පෙති දෙකක් අතර තක්කාලි,චීස්..යනාදී දේවල් අතර කොලපාට කුට්ටියක්..මගුලයි..මේ නම් අලිපේරමය..පාන් එක්ක අලිපේර..මෙහෙ අලිපේර වල ගිල්වල (avocado dip) එක එක දේවල් මෙක්සිකන් අය කනව කියල දැනගෙන හිටියට ඇමරිකන් කෑමවල තියෙනව කියල දැනගෙන හිටියෙ නෑ...පාන් එක්ක මොන අලිපේරද..ශේප් එකෙ එව ටික අයින් කරල අනිත් ටික කෑව..ඇමරිකන් අය දැවිල්ල කන්නෙ නෑ..උදේට කන්නෙත් ගොඩක් වෙලාවට පැණිරස ඒව..දැවිල්ල සෝස් වෙනුවට සමහර වෙලාවට මීපැණි දාගෙනත් කනව..ආයෙ වෙලාවක ලියන්නම් කෑම ගැන..දැන් යන්න ඕනෙ මොනවහරි උයාගන්න..කඩෙන් මාසෙකට දවසකට වඩා කන්නතරම් සල්ලි නෑ තාම..ඒක නිසා උයාගෙන තමයි කෑම..මේපාරනම් නැකතට රයිස් කුකර් කිරිබත් කන්න බැරිඋනා අවුරුද්දට..උයන්න තිබුනෙ මෙහෙ වෙලාවෙන් උදේ පාන්දර 1ට විතර..ඒක නිසා පස්සෙ දවසක තමයි කිරිබත් කෑවෙ..

Share/Bookmark

1 comments: