මාර කේස් එකක්නෙ මට උනේ..ගියසුමානෙ දවසක ඉන්ටෙර්න්ශිප් යාලුවොත් එක්ක ආයෙත් ලන්ච් එකකට රෙස්ටෝරන්ට් එකකට යන්න වුනා..ගියපාර ගිහින් රට කජු කාපු හැටි මතකනෙ..මේක ටිකක් මෙක්සිකන් ස්ටයිල් රෙස්ටෝරන්ට් එකක්..ඒත් මම නම් කෑවෙ බර්ගර් එකක්..අඩුම ගානට තිබුන එක..ලොල්..
කාලෙකින් අයිස් ටී එකකුත් බිව්ව..අවුලක්ම නෑ..සුපුරුදු ඇරගැනීම්, විහිලු තහළු සිද්දවුනා..කඩ්ඩෙන් තමයි ඉතින්...
අයිස් ටී එක බිව්ව නිසාද කොහෙද මට පොඩි අවශ්‍යතාවක් ආව..ලොකු එකක් නෙමේ..ලොල්..
මගෙ යාලුවෙකුත් පොඩ්ඩකට කලින් ගිහින් වැඩේ කරල ආව..කිසි ප්‍රශ්නයක් නැතුව..මමත් ඉතින් වොශ් රූම් එක තිබුන පැත්තට ගියා..දොරවල් දෙකක් තිබුනා..හැබැයි පොඩි අවුලක් තිබුනා..එක දොරක ගහල තිබුනා "Toro" කියල..අනිකෙ ගහල තිබුනෙ "Vaca" කියල..මගුලයි..එච්චරයි තියෙන්නෙ..වෙන රූපයක් වත් මුකුත් නෑ..
දැන් මොකක් තොරගන්නද කියල හිතාගන්නවත් බෑ..10,20 ගැනල යන්නත් බෑනෙ..වැරදුනොත් එහෙම..ගුටි කන්නත් වෙනවනෙ..
මම ශේප් එකේ ඇවිත් යාලුවෙක්ගෙන් ඇහුවමයි සීන් එක තෙරුනේ..Toro කියන්නෙ Spanish වලින් හරකට..කියන්නෙ Vaca එළදෙනට..මෙක්සිකන් වොශ් රූම් වල එහෙමලු ඒදෙක වෙන්කරල නම් කරන්නෙ..කවුද දන්නෙ ඕව..(මෙක්සිකානුවන් කතා කරන්නෙ Spanish වලින්..)
යන්තම් ගුටි නොකා බේරුනා..

හලෝ අයියා... මදැයි ඔයින් ගියා. (හික්ස්) ඒව හදල තියෙන්නේ හරකුන්ට යන්නද දන්නේ නෑ නේ.. :D (ඔන්න ඔයාට හරක කියලනම් කිව්වේ නෑ :) )
ReplyDeletehaha..:)
ReplyDeleteඑහෙනම් ඔබල ගිහින් තියෙන්නෙ හරක්ට කෑම දෙන තැනකද දන්නෙ නෑ -හික්
ReplyDelete:)
ReplyDelete