Friday, May 17, 2013

ලෝකයේ ප්‍රථම අයිස් ක්‍රීම් කෝන් මැෂිම සොයා ගියෙමි..




අයිස් ක්‍රීම් හැමෝම කාල ඇතිනෙ..සමහරු කන්න කැමති අයිස් ක්‍රීම් කෝන්..සමහරු හැන්දෙනුත් කනව..සමහරු කෝන් එක කන්න ගිහින් නාගන්නව..ඒත් කවුරුත් හිතුවද කෝන් එක හොයාගත්තෙ කවුද කියල..

මුලම අයිස් ක්‍රීම් කෝන් එක හදල තියෙන්නෙ 1904දි ජොර්ජ් ඩූමාර්..ඒ මැෂින් එක තාම තියෙනව..තාම වැඩ..මට චාන්ස් එකක් ආව ඒක බලන්න..මේක තියෙන්නෙ උතුරු ඇමරිකාවෙ වර්ජිනියා ප්‍රාන්තයෙ නෝෆෝක් වල..එතනදි ඒ වෙලාවෙම හදපු කෝන් එකක අයිස් ක්‍රීම් කන්නත් පුලුවන් උනා..සාපේක්ෂව ගානත් අඩුයි..ස්කූප් දෙකක් එක්ක ලොකු කෝන් එකක් සාමාන්‍යයෙන් ඩොලර් 7ක්-8ක් විතර..මෙතන ඩොලර් 3.5යි ටැක්ස් වලට කලින්..මම එතනදි ගත්ත ෆොටෝස් ටිකක් පහලින් දැම්ම.. මුලින්ම තියෙන්නෙ විඩියෝ එක..කාලෙකට පස්සෙ පෝස්ට් එකක් දැම්මෙ..තැන්කූ ආවට මේ පැත්තෙ..

video

මෙන්න මෙහෙමයි හදන්නෙ..









Share/Bookmark

Thursday, August 30, 2012

ස්ට්‍රෙස් රිලීස්

නිකන් ටී ශර්ට් එකක් දෙනව කිව්ව නිසා මමත් ගියා..පොඩි දේශනයක්..සෙමිස්ටර් එකේ පළවෙනි සතිය නිසා..අලුතෙන් ආපු ළමයින්ට..පාටි දානහැටි..කුඩු ගහන්නැතිව බේරිලා ඉන්න හැටි..වැඩිවෙන්නැතිව බොන හැටි..ආරක්ශිතව සෙක්ස් කරන හැටි වගේ දේවල් තමයි කිව්වෙ..කිරි ටොය්යවගේ සුදුම සුදු බ්ලොන්ඩියක් තමයි මෙහෙව්වෙ.. ..ස්ට්‍රෙස් රිලීස් වෙන්න පොඩි අභ්‍යාසයක් කියල දෙනව කියල..ඇස් දෙක වහගන්න කිව්ව....ඔන්න ලාවට සන්ගීතයක් යනව..ඊට පස්සෙ මෙන්න සුදු නංගි කියනව..හුස්ම ඉහලට පහලට දානකොට අවධානයෙන් කරන්නලු..මෙන්න මෙයා ආනාපානසතිය මොඩිෆයි කරල..එයාලගෙ දෙයක් වගේ දෙනව
Share/Bookmark

Wednesday, August 22, 2012

කැම්පස් ශෝකාන්තය


එක අස්සනකින්..එහෙම් නැත්නම් මධ්‍ය නිවේදනයකින්..පුලුවන්  කැම්පස් එකක් වහන්න..ඒත් ඒ කවුරුත් හිතනවද

හිඟුරකොඩ ඉඳන් ඇවිත් මහපොල සල්ලිවලින් බෝඩිමේ ගානත් ගෙවල යානතම් රුපියල් 5හේ අඩුව කාල බඩ පුරෝගෙන ඉන්න අමරසිරිලට..කැම්පස් වහල තියෙන මාසවලට මහපොලත් නැතිව..කන්නෙ බොන්නෙ..බෝඩිමේ සල්ලි ගෙවන්නෙ..කොහොමද කියල..
අඟුනකොලපැලැස්සෙ ඉඳන් රස්සාවක් හොයාගෙන කොළඹ ඇවිත් කැම්පස් කැන්ටීන් එකේ ලූනු පොතු සුද්දකරල හම්බෙන සොච්චමෙන් නංගියි මල්ලියි ඉස්කොලෙ යවන රුවන්ලට..මොකද වෙන්නෙ කියල..

Share/Bookmark

Saturday, June 16, 2012

කාලෙකට පස්සෙ ක්‍රිකට් මැච් එකක් බැලුව..

කාලෙකට පස්සෙ ක්‍රිකට් මැච් එකක් බැලුව..ඒකත් බැලුවෙ හයිලයිට්ස්..එකෙක් කකුළ කඩාගෙනත් දුවනව..ඇඬෙනව තනි ඇහැට..දැන් දුවන්න සපොර්ට් එකක් ගන්න බෑලු..ඊළඟ පාර බලනකොට මොනව වෙලා තියෙයිද දන්නෙ නැහැ..
Share/Bookmark

Wednesday, June 13, 2012

ප්‍රථම වතාවට සිංහලෙන් error පේජ් එකක් දුටුවෙමි..


ප්‍රථම වතාවට සිංහලෙන් එරර් පේජ් එකක් දුටුවෙමි....මෙහෙම එකක් මම දැක්කමයි මේ...404 දෝෂය..




       


Share/Bookmark

Thursday, June 7, 2012

බොට්ල් ඕපනර්..


වෙලාව රෑ 12.05..මං පොඩි ගමනක් ගිහින් ගෙදර එන ගමන්..බයිසිකලේ කණුවෙ ගැටගහල..සුපුරුදු පරිදි මූනුපොත ෆෝන් එකේ දිගඇරගෙන ඒක ඉහලට පහලට බලමින් පඩිපේළි 64 නගිමින් හිටියෙ..තුන්වෙනි තට්ටුවත් නැගල හතරවෙනි එකට ඔන්න මෙන්න කියල තියෙන කොට තමයි දැක්කෙ සුදු නංගිල දෙන්නෙක් පඩිපෙළ හරස් කරගෙන ඉඳගෙන ඉන්නව..මොනවදෝ බොනගමන් බටත් ගහනව..මම ලොකු හිස්මක් අල්ලගෙන (පැසිව් ස්මෝක්න් මොකටද නිකන්..) ඉන්නකොට..එක්කෙනෙක් නැගිටල ඉඩදුන්න..ඇනික් කෙන අහනව.."ඩූඩ්..ඩූ යූ හෑව් එ වයින් බොට්ල් ඔපනර්.." මගෙ අත සාක්කුවට ගියේ නොදැනිමයි..ආ..මේන්න.."ඩූඩ්..අයි වන්න වයින් බොට්ල් ඕපනර්..නොට් දැට්..."

                                          

ඌප්ස්..එතකොටයි පියවි සිහියට ආවෙ..මගෙ කීචේන් එකේ තියෙන්නෙ බියර් බොට්ල් ඕපනර් එකක් කියල මතක් උනේ එතකොට..එයාලට ඕනෙ අර ඇම්බරිලා තියෙන්න කම්බියක් තියෙන එකක්..මගෙ කාමරය තියෙන්නෙ අඩි 10ක් විතර එහා..එකෙන් වයින් බොට්ල් ඕපනර් එක ගෙනත් දෙන්නත් පුලුවන්..එකක් තියෙනව කිව්වොත් ඒක ගන්න අනිවා කාමරෙ ඇතුලටම උන් එනව කියල ශුවර්..ඊට පස්සෙ මුන් මගෙ කාමරේ ඉඳල එලියට යනව එහෙම මගෙ ඉන්දියන් යාලුවො දැක්කොත්..මගෙ ඉන්දියන් ක්‍රශ් එකටත් සොරි ඩොට් කොම් නෙහ්..නිකන් මොකටද කාමරේ කිල්ලට අහුකරගන්නෙ..මම "නෝප්..අයි ඩෝන්ට් හැව් වන්.." කියල කාමරේට ආව..දැට්ස් ෆයින් කියනව හීනියට ඇහුන..

Share/Bookmark

Sunday, June 3, 2012

පොසොන් සඳ..


හෙන ගේමක් දීල තමයි ගත්තෙ ෆොටෝ එක..මගෙ පළවෙනි මූන් ෆොටෝ එක..තවත් හොඳ සූම් ලෙන්ස් එකක් තිබුනානම් කියල හිතෙනව..
Share/Bookmark